, දඹදිව වන්දනා දඹදිව වන්දනා - BUDDHIST PILGRIMAGE TOURS TO INDIA: සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 61 - 65

ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස පමණ වන තෙක්‌ භාරතීය අධිරාජ්‍යයන්හි, දේශපාලන ප්‍රවණතා, යුද්ධ රාජ්‍ය මර්දනය මෙන්ම බාහිර ආක්‍රමණ, බෞද්ධ දර්ශනය මර්දනය සඳහා මැදිහත් වූ ආකාරය...

.

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 61 - 65

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 61

බුදුපියාණන් වහන්සේ වස් කාලයෙන් පසු බේලුව ගමින් නික්ම සැවැත් පුරයට වැඩ එහි විසූ සේක. එහි දී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මාගේ පරිනිර්වාණය තවත් මාස හතරකින් සිදුවන බව භික්ෂූන් වහන්සේලාට දේශනා කරන ලදී. ඒ ඇසූ නොයෙක් දහස් ගණන් භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ සමඟ වැඩ වාසය කරන ලදී. පෘථග්ජන භික්ෂූහු කදුළු පිරුණු දෙනෙතින් බුදුරජාණන් වහන්සේ සමඟ සිටින ලදී. භික්ෂූන් වහන්සේලා තැනින් තැන රැස්වී දැන් කුමක් කරන්නේදැයි කතා බහ කරමින් වැඩ සිටින ලදී. එහෙත් ධර්මාරාම නම් භික්ෂුව සියලු භික්ෂූන් වහන්සේලාගෙන් මිදී හුදෙකලාව භාවනා කරමින් වැඩ වාසය කරන ලදී. අන් භික්ෂූන් කුමක් කරන්නේ දැයි විමසූ විට බුදුරදුන් ධරමාන කල්හි ම රහත් වන්නෙමියි හුදෙකලාව වසමින් බුද්ධ වචනය සිහිපත් කරමියි සිතයි. නැවැත නැවැත සිහි කරයි. භික්ෂූහු ගොස් ධර්මාරාම තෙරුන් තුළ ස්වාමීනී, ඔබ වහන්සේට කිසිදු ස්නේහ මාත්‍රයකුත් නැතැයි බුදුරජාණන් වහන්සේට දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ධර්මාරාම තෙරුන් කැඳවා ඒ සැබෑ දැයි විමසන ලදී. එවිට ධර්මාරාම තෙරණුවෝ තමන්ගේ අදහස ප්‍රකාශ කරන ලදී. මම ස්වාමීනී, ඔබ වහන්සේ පිරිනිවන් පෑමට පෙර රහත්වීමට උත්සාහ කරමි. එවිට භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, මට ස්නේහ ඇති තවත් අන්‍ය භික්ෂුවක් ඇත්නම් ඔවුන් ධර්මාරාම භික්ෂුව මෙන් විය යුතුය. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපැදි මා ප්‍රධාන පූජායෙන් පුදන්නෝ නම් වෙතියි වදාළහ.

අගසව් දෙනමගේ පිරිනිවන් පෑම

ධර්මාරාම භික්ෂුව බවුන් වැඩීම
භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන සමයෙහි දී සැරියුත් මහ රහතන් වහන්සේ එහි වැඩම කර තව සතියකින් පිරිනිවන් පාන්නෙමියි අවසර ගෙන උන්වහන්සේ උපන් ගමට වැඩම කර පිරිනිවන් පා වදාළහ. ඉන් දෙසතියකට පසු මුගලන් මහ රහතන් වහන්සේ ද වැඩමවා බුදුපියාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන කාලශිලා වනයට වැඩමවා පිරිනිවියහ. මෙම දෑගසව්වන් වහන්සේලාගේ ආදාහනයෙන් පසු එම ධාතූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත ගෙනෙන ලද්දේය. උන්වහන්සේ එය පිළිගෙන ඒවා නිදන් කොට ස්තූප දෙකක් කරවා ඒ දෙනමගේ ගුණ වර්ණනා කොට දහම් දෙසූ සේක.
භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සැවැත්නුවරින් නික්ම රජගහ නුවරට ද එතැන් සිට උක්කවේලා නියම් ගමට ද එතැනින් විසල් පුරයට ද වැඩම කළ සේක.

සැරියුත් මහරහතන් වහන්සේගේ ධාතු ස්තූපය - සැවැත්නුවර
උන්වහන්සේ විසාලා මහනුවරින් භණ්ඩ ග්‍රාමයටත් එතැනින් හස්ති ග්‍රාමයටත් එහි සිට භෝගනගරයටත් පිටත්ව පාවා නුවර චුන්දකර්ම පුත්‍රයාගේ අඹ උයනටවැඩම කරති. විසාලා මහනුවර පිඬුසිඟා වළඳා චාපාල චෛත්‍ය වෙත වැඩමකළ සේක.
සැදැහැවතුනි ඔබ විශාලා මහනුවරින් නික්ම යෑමට පෙර සන්සුන්ව එකත්පස්ව හිඳ මොහොතකට එම දර්ශනය ද සිත්හි මවා ගන්න.
මහණෙනි, කරුණාවෙන් ඔබ හැම දෙනාට කියමි. සියලු සංස්කාරයෝ නැසෙන ස්වභාව ඇත්තෝය. එළැඹ සිටි සිහි ඇතිව ගුණ දම් වඩව්. ළඟ දී තථාගතයන්ගේ පිරිනිවීම වන්නේය. මෙයින් තුන් මසක් ගිය තැන තථාගත තෙම පිරිනිවෙන්නේ යැයි වදාළ සේක.

විසල්පුර වැඩම කිරීම

චාපාල චෛත්‍යයේදී මරුගේ ආයාචනය භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ පෙරවරු කාලයෙහි විසල්පුරයට වැඩම කර එහි පිඬු පිණිස හැසිර සවස් වේලෙහි චාපාල චෛත්‍යය වෙත එළඹුණ සේක. එහි එළඹ පනවන ලද අසුනෙහි වැඩහුන් සේක.
එහිදී ආනන්ද තෙරුන් අමතා සතර සෘද්ධිපාද වැඩුවකු විසින් කැමැති නම් කල්පයක් හෝ එයට වැඩිකලක් ජීවත්ව සිටිය හැකි බව තෙවරක් ම බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළහ. එසේ දේශනා කළත් බිහිසුණු දෙයක් (වසවත් මරු මවා පෑ දර්ශනයෙකි) අනඳ හිමියන්ට පෙනුණෙන් සිත කැළඹුණෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ අදහස ගැන යමක් සිතා ගැනීමට නොහැකි විය. අනඳ තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඳ සමුගෙන ගොස් රුකක් මුල වැඩ හුන්හ.
අනඳ තෙරුන් නික්ම ගිය නොබෝ වෙලාවකින් වසවත් මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළැඹ පසෙක සිට පරිනිර්වාණයට කාලය බව දැන්වීය. භාග්‍යවතුන් වහන්සේද මරහු අමතා එතැන් පටන් තුන් මසක් ගත වූ තැන පිරිනිවන් පානා බවද වදාළ සේක.
ස්වල්ප වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ මේ ඉදිරියට ඇති තුන් මස පමණක් සමවත් සමවදනෙමි. ඉන් එහා එය නොකරමි යි ඉටා ගත් සේක. ඒ වේලෙහි මහත් භූමි චලනයක් ඇතිවිය. අහස් ගිඟුරුම් ද විය.
ඒ දැක අනඳ තෙරණුවෝ භූමි චලනයට කරුණු විචාළහ. ධාතු කැළඹීමෙන්ද, මහා පිනැත්තන්ගේ සෘද්ධි බලයෙන්ද, මහා බෝතුන්ගේ පිළිසිඳ ගැනීම, බිහිවීම, බුදුරදුන් දම්සක් පැවැත්වීම, බුදුරජකු ආයු සංස්කාරය හැරීම, පිරිනිවීම යන සකරුණින් දැයි මෙකී කරුණු අටින් භූමිකම්පා වන බව වදාළ සේක. අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාර හළ සේකැයි සිතා ශෝක භරිත වුවෝ, කල්පයක් වැඩ සිටින්නැයි අයැදූහ. මේ ආයාචනය කටයුතුව තිබුණේ ආයුසංස්කාරය හරින්නට පළමුයැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එසේ වදාරා තව තුන් මසෙකින් පිරිනිවන් පාන බව දැන් වූ සේක.

කුටාගාර ශාලාවට වැඩීම

අනතුරුව බුදුරජාණන් වහන්සේ මහා වනයෙහි කුටාගාර ශාලාවට වැඩි සේක. වැඩ විසාලා පුර හාත්පස සිටින සියලු භික්ෂුන් උපස්ථාන ශාලාවට රැස්කරවන්නට ආනන්ද තෙරුන්ට නියම කළ සේක. භික්ෂුන් රැස් වූ පසු භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩමකළ සේක. එහිදී ඔවුුනට සතර සතිපට්ඨාන බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ග යන මේ තමන් වහන්සේම දැන වදාළ බෝධිපාක්ෂික ධර්ම මනාව ඉගෙන පුරුදු පුහුණු කටයුතු බව විශේෂයෙන් වදාළහ. මහණෙනි, කරුණාවෙන් ඔබ හැම දෙනාට කියමි. සියලු සංස්කාරයෝ නැසෙන ස්වභාව ඇත්තෝය. එළැඹ සිටි සිහි ඇතිව ගුණ දම් වඩව්. ළඟ දී තථාගතයන්ගේ පිරිනිවීම වන්නේය. මෙයින් තුන් මසක් ගිය තැන තථාගත තෙම පිරිනිවෙන්නේ යැයි වදාළ සේක.

ප්‍රජාපති ගෞතමී හා යශෝධරා දෙනම පිරිනිවන් පෑම

මේ සමයෙහිම ප්‍රජාපතී ගෞතමී මහා ස්ථවිරිද, එයින් පසුව යශෝධරා මහා ස්ථවිරි යන දෙනම ද අවුත් භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසර ගෙන පෙළහර පා දම් දෙසා පිරිනිවන් පෑහ.

භාණ්ඩ ග්‍රාමයට වැඩීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙන් පිටත්ව භාණ්ඩ ග්‍රාමයට වැඩි සේක. වැඩ එහිදී ආර්ය ශීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ත යන සතර ධර්ම පිළිබඳව අවබෝධයක් ඇතිකර දෙන ලදී. ඉන්පසුව එයින් පිටත්ව හස්ති ග්‍රාමය, ආමුග්‍රාමය, ජම්බුග්‍රාමය යන ගම් පසුකොට භෝග නගරයට වැඩ එහි ආනන්ද චෛත්‍යය ස්ථානයෙහි වැසු සේක. එහිදී භික්ෂුනට සතර මහා අපදේශයන් වදාළ සේක. ඉන් පසුව පාවා නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කරන ලදී.

පාවා නුවර

කුසිනාරාවට කිලෝමීටර 20 ක් පමණ දුරින් පිහිටි වර්තමානයේ සාජිල් නගර් නමින් හැඳින්වෙන නගරය පෙර පාවා නගරය වූ බව කියති. අප තථාගතයන් වහන්සේ චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ සෙවනෙහි වැඩ සිටි සේක. චුන්ද කර්මාර පුත්‍රයා බුදුන්වහන්සේ වැඩි බව අසා එහි ගොස් වැඳ පසෙක හුන්නේය. ඔහුට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. සතුටු වූ චුන්ද තෙම බුදුරජුන් ප්‍රමුඛ වූ සංඝයාට දානය පිළිගැන්වීමට ආරාධනා කළේය. බුදුරජාණන් වහන්සේ දානය අවසානයෙහි අනුමෝදනා දහම් වදාළා ඉන් නික්ම වැඩි සේක. සුජාතා, චුන්ද යන දෙදෙනා පිසූ භෝජනයන්ගේ සමඵල ඇති බව කෙසේද? යත් සුජාතා දුන් බොජුන් වළඳා භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලැබු සේක.චුන්ද දුන් බොජුන් වළඳා නිරුපදිශේෂ නිර්වාණ ධාතුයෙන් පිරිනිවි සේක. මෙසේ පිරිනිවන් පෑමේ සම බැවින්ද ඒ වැළැඳු භෝජනය සමඵල ඇත්තේය.
පෙර බේලුව ගමේදී ලෝහිත පක්ඛන්දිකා රෝගය හටගත් විට භාග්‍යවතුන් වහන්සේ එය දසමසක් නො නැගිටින ලෙස අදිටන් කොට සමාපත්ති බලයෙන් මැඩලු සේක. ඒ දස මස ගත වූ බැවින් සැඟවී තිබු රෝගය මතුවිය. ඒ මතුවූයේ චුන්දගේ දානය වැළඳීමෙන් පසුවය. එහෙත් චුන්දගේ සිනිඳු වූ බොජුන් වැළඳී හෙයින් රෝගය මුලදී මෙන් බලවත්ව නො නැඟේය. ඒ භෝජනය නො වැළඳු සේක්නම් එදින රෝගය බලවත්ව නැඟෙන්නේය. සමාපත්ති බලයෙන් එදිනත් එය මැඬ පැවැත්විය හැකි වුවත් බුද්ධ ශරීරය පවා රෝග පීඩාවනට ගොදුරු වන බවට සිය සිරුරම ආදර්ශ කොට පෙන්වා භවය කෙරෙහි සිය සවිමත් කලකිරවීමෙහි අදහසින් ටික වේලාවක් රෝගය එසේම තිබෙන්නට ඉඩ හැරී සේක.

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 62

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 63

බුදුරජාණන් වහන්සේ කුසිනාරා පුරයට වැඩම කිරීම

භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ කුසිනාරාවට වැඩම කළ ගමනේදී පාවා නුවර දක්වා වැඩම කළ අයුරු ඉල් පුර අටවක පෝදා (නොවැම්බර් 19) පත්‍රයේ සඳහන් කළෙමි. අද එතැන් සිට ගමනාරම්භය

පුක්කුස නම් මල්ල රාජ පුත්‍රයා පැහැදීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිස සමඟ කුසිනාරා පුරයට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ ආනන්ද, මට ක්ලාන්ත යැයි දන්වා මහරුකක් මුල හිඳගත් සේක. එසේ හිඳ පිපාසා ඇති බව වදාරා ආනන්ද තෙරුන් ලවා පැන් ගෙන්වා වැළඳූ සේක. ඒ කල්හි ආළාර කාළාම තවුසාගේ ශ්‍රාවකයෙකු වූ “පුක්කුස” නම් මල්ල රාජ පුත්‍රයෙක් කුසිනාරාවේ සිට පාවා නුවරට යන්නේය. රුක මුල වැඩ සිටින බුදුරජාණන් වහන්සේ දැක වැඳ පසෙක හිඳ ගත්තේය. එසේ හුන් ඔහුට භාග්‍යවතුන් වහන්සේ බණ වදාරා ඔහු සරණ ශීලයෙහි පිහිටුවා ඔහු පිදු රන්වන් මට සිලුටු වස්ත්‍ර දෙකින් එකක් තමන් වහන්සේ පිළිගෙන අනෙක ආනන්ද තෙරුනට පිළිගන්නවා ඔහුට බණ වදාළ සේක.
ඔහු ගිය පසු ආනන්ද තෙරණුවෝ තමා ලත් වස්ත්‍රයත් භාග්‍යවතුන් වහන්සේට එළැවූහ. බුදුරජාණන් වහන්සේ එකක් හැඳ, අනෙක පෙරැවූ සේක. ඒ කලැ උන්වහන්සේගේ ශරීරය එදා වැළඳූ විශිෂ්ට ආහාර හේතුවෙනුත් පෙර බුදුවරයන් වැඩි අමා මහ නිවන්පුරට අද ප්‍රවිෂ්ඨ වන්නෙම් යැයි හටගත් බලවත් සොම්නසිනුත් බුදුවූ දිනයෙහි මෙන් ම ගිනි දැල් නැතිව දිලිසෙන ගිනි අඟුරු රැසක් මෙන් අතිශයයෙන් දීප්තිමත්ව බැබැළුණේය.

කුකුත්ථා නදිය කරා වැඩමවීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු පිරිස හා කුකුත්ථා නම් නදිය වෙත වැඩි සේක. වැඩ නදියට බැස ජලස්නානය කොට පැන් වළඳා ඉන් නැගී, නදී තීරයෙහි වූ අඹ වනයට එළැඹි සේක. ඒ වෙලාවෙහි ආනන්ද තෙරණුවන් භාග්‍යවතුන් වහන්සේගේ ජලශාටිකාව (නානකඩ) මිරිකමින් ගඟෙහි පරක්කු වූ බැවින් සමීපයෙහි සිටි චුන්දක ස්ථවිරයන් අමතා සඟල සිවුර සතර පටක් කොට පණවා සිංහ ශෙය්‍යාවෙන් සැතැපුණු සේක.
ඉක්බිති එහි වැඩි ආනන්ද තෙරුන් අමතා බුදු වනදාට පෙර දා සුජාතාව දුන් භෝජනය ද ඒ පිරිනිවන් පානා දිනට පෙරදා චුන්ද කර්මාර පුත්‍රයා දුන් භෝජනයද සමඵල බව වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ රෝගාතුර වී පැන් වැළඳූ ස්ථානය

බුදුරජාණන් වහන්සේ පැන් වැළඳූ ස්ථානය මාතා කුහර විහාරය නමින් හඳුන්වනු ලබයි. මෙහි දැනට බුරුම බෞද්ධයන් විසින් මීටර් 3.05 ක් පමණ උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ නිල්පැහැති ගලකින් නෙලා ඇති බව දැක්වේ. මෙය භූමිස්පර්ශ මුද්‍රාවෙන් යුක්තය. මෙම මූර්තියේ පාදකයේ එක ශිලා ලේඛනයක් ඇත. බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර රෝගාතුරව වැඩ සිටි අයුරු එම ප්‍රතිමාවෙන් පිළිඹුවන බව ඇතැම් අයගේ මතයයි.

කුසිනාරා පුර වැඩීම

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඉන් පිටත්ව “හිරණ්‍යවතී” ගඟින් එතෙර වී කුසිනාරා පුරයට වැඩි සේක. එහි වූ මල්ල රජුන් ගේ උපවර්තන නම් සල් උයනට වැඩම වූ සේක. එසේ වැඩමවා එහි රජුන්ගේ සැතැපීමට සාදා තිබුණ ඇඳ යමක ශාල වෘක්ෂයන් අතුරෙහි තබා පිළියෙල කරන්නට ආනන්ද තෙරුනට නියම කළ සේක.ආනන්ද තෙරණුවෝ ද එසේම ශයනය පැණැවූහ. භාග්‍යවතුන් වහන්සේ එහි සිංහශෙය්‍යායෙන් සැතැපුණු සේක.
පිරිනිවන් මංචකයෙහි වැඩ සිටින විට දිව්‍ය බ්‍රහ්ම සේනාවෝ අහසේ සිට සුවඳ සුණු මල් ආදිය වගුරුවා ලීමෙන්ද දිව්‍ය ගීත වාදිත පැවැත්වීමෙන් ද පුද පෙළහර කළහ. එය දුටු භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා “ආමිස පූජා මාත්‍රයෙකින් පිදීම තථාගතයන් වහන්සේට කරන නිසි ගරු බුහුමන් නොවන බවත් යම් භික්ෂුවක් හෝ මෙහෙණියක හෝ උපාසකයකු හෝ උපාසිකාවක නවලෝකෝත්තර ධර්මයට අනුධර්ම වූ පූර්වභාග ප්‍රතිපත්තියට පිළිපන්නකුව වසතොත් ඒ පුද්ගලයා නිසි උතුම් පූජායෙන් තථාගතයන් පුදන්නකු බවත් වදාරා අවවාද කළ සේක.
ඒ වේලෙහි ආයුෂ්මත් උපවාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පවන් සලමින් සිටියාහ. මහානුභාව සම්පන්න රහතන් වහන්සේ නමක් වූ උන්වහන්සේගේ ශරීරය විනිවිද දැකීමට දෙවියෝ පවා අසමර්ථයහ. ඒ බැවින් එහි භාග්‍යවතුන් වහන්සේ තමන් දැකීමට රැස්වන දේවතාවන් ගේ සිත් රිදෙනුවට අවකාස නොතබන සේක් එතැනින් ඉවත්වන්නැයි ඒ තෙරුනට වදාළ සේක. දෙවියනට ඉඩ දී තෙරණුවෝ ඉන් ඉවත් වූහ. අනාගාමී ද රහත් ද දේවතාවන් හැර සෙසු දෙවියෝ නොයෙක් අයුරින් හඬමින් වැළැපෙමින් බිම ඇද වැටෙමින් පෙරැළෙමින් භාග්‍යවතුන් වහන්සේ පිරිවරා සිටියහ. ඉක්බිති ආනන්ද තෙරුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙන භාග්‍යවතුන් වහන්සේ ජීවත්ව සිට අප ඔබවහන්සේ දැක වන්දනා කරගතිමි. නමුත් ඔබවහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසුව කුමක් උදෙසා වන්දනා මාන කරන්නද? ඇසූ විට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරන ලදී.
ශ්‍රද්ධාවත් කුල පුත්‍රයා විසින් දැකිය යුතු වූ දෑ දැකීමෙන් සංවේගවීමට හේතුවූ ස්ථාන සතර බුදුරදුන් උපන් භූමිය, බුදුවු ස්ථානය, දම්සක් පැවැත්වූ තැන, පිරිනිවන් පෑ තැන යයි ස්ථාන හතරක් ගැන බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර අපට කියා දුන්හ.
මේ එදා අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මොහොතකට පෙර තම ශ්‍රී මුඛයෙන් ආනන්ද හිමියන් මගින් සැදැහැවතුන්ට පහදා දුන් ධර්ම සංවේගය උපදවා සියැසින් දැක බලාගත යුතු ස්ථාන හතරයි. දැන් එම ස්ථාන සතර මහත් ශ්‍රද්ධා සිතින් වන්දනා මාන කරගන්න.

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 64

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයෙහි සැතපීම

තථාගත ශරීරය පිදීම පිණිස කාලය මිඩංගු නොකළ යුතු යැයිද ක්ෂත්‍රිය, බ්‍රාහ්මණාදීන් බුද්ධ ශරීරය පුදතියිද, වදාළ සේක. ශ්‍රී සම්බුද්ධ ශරීරය කෙරෙහි ඔවුන් විසින් කෙසේ පිළිපැදිය යුතු දැයිද ආනන්ද හාමුදුරුවෝ විචාළ විට චක්‍රවර්ති රජුගේ ශරීරය කෙරෙහි පිළිපැදිය යුතු ලෙස යැයි වදාරා එහි ක්‍රමය ප්‍රකාශ කළ සේක. ඉන් පසු බුද්ධ ශරීරයට සත්කාර කිරීමෙන් මහත් පින් ලැබෙන බවද, බුදු, පසේ බුදු, මහ රහත්, සක්විති රජ යන සතර දෙනා ස්තුපාර්හ පුද්ගලයන් බවද වදාළ සේක. මේ කරුණු ගැන සලකා බලන ආනන්ද හාමුදුරුවන්ට භාග්‍යවතුන් වහන්සේ එදිනම පිරිනිවන් පාන සේකැයි වැටැහුණේය. එහෙයින් හටගත් බලවත් ශෝක ඇත්තේ ඉන් ඉවත්ව ගොස් මණ්ඩල මාලයෙහි දොරබා කෙලවරැ අගුල් කණුවද එල්බගෙන. “අහෝ මම් තවම රහත් වීමට කළ යුතු දෑ අවසන් නො කෙළෙමී. මට දයායෙන් අවවාදානුශාසනා කරන භාග්‍යවතුන් වහන්සේ අද පිරිනිවන් පානා සේක. අනේ හෙට සිට මුහුණ සේදීමට කාට වතුර දෙන්නෙම්ද? කාගේ පා සෝදන්නෙම්ද? කාගේ සේනාසනය අරපරිස්සම්කොට තබන්නෙම් ද? කාගේ පාත්‍ර සිවුරු ගෙන ඇවිදින්නෙම්ද? යන ආදීන් විලාප කියා හඩමින් සිටියහ. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි,ආනන්ද කොයි දැයි විචාළ සේක. ස්වාමීනි, මණ්ඩල මාලයෙහි අගුල් කණුයෙහි එල්බගෙන හඬන්නේ යැයි භික්ෂූහු කීහ. එවිට බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් කැඳවා ගෙන එන්නට නියම කළ සේක. ආනන්ද තෙරණුවෝ ද භික්ෂූන් විසින් දන්වන ලද්දෝ ආහ. අවුත් වැඳ පසෙක උන්හ.
භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා ආනන්දයිනි, නොහඬන්න. ශෝක නොකරන්න. හැම පි‍්‍රය මනාප දැයින් වෙන්වීම කලින් ම මා කීවා නොවේද? හැදුණු දෑ කැඩෙන බිඳෙන සුලුය. එසේ කලැ එය පලුදු නොවේවායි සිතා ඒ පෙරැළීම් වළකාගන්නට කිසිවකුටත් නොහැක්ක.ආනන්දයිනි, තොප බොහෝ කල් හිත කැමැතිව හමුයෙහිත් නො හමුයෙහිත් එක හිතින්ම මෛත්‍රී සහගත අප්‍රමාණ කාය වාග් මනඞ කර්මයෙන් තථාගතයනට උවටන් කොළෝය. ආනන්දයෙනි, තොප පෙරද බොහෝ පින් කළ කෙනෙකි. එ බැවින් පමා නොවවු. නොබෝ කලෙකින්ම තෙපි රහත් බව ලබන්නහු යැයි වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂුනට ආමන්ත්‍රණය කොට ආනන්ද තෙරුන්ගේ ගුණ රාශිය ප්‍රකාශ කළ සේක.
ඉක්බිති ආනන්ද තෙරණුවෝ වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ දුර්ගම ස්ථානයක් වූ කුඩා නුවරදී නොම පිරිනිවන් පාන සේක්වා වම්හ, රජගහනුවර, සැවැත්නුවර, කොසඹෑනුවර, බරණැස් නුවර යන මෙකී නගරයෙක පිරිනිවන් පානා සේක්වා යි කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ එසේ පහත් කුඩා නුවරෙකැයි නොසිතිය යුතු බවත් පෙර එය මහා සුදර්ශන චක්‍රවර්ති රජුගේ වාසස්ථානයව වූ බවත් ප්‍රකාශ කිරීමෙන් මහා සුදර්ශන සූත්‍රාන්තය වදාළ සේක.
අප පිරිනිවන් මංචකය දැක බලාගැනීමට පෙර කුසිනාරාමයේ දීර්ඝ ඉතිහාසය ගැන යම් ප්‍රමාණයකින් දැනුවත් වෙමු. අද කුෂි නගර් යනුවෙන් හැඳින්වෙන කුසිනාරාව එකල මල්ල රජුන්ගේ රාජධානිය ලෙස පැවතිණි. බෝසතුන් කුස රජු ලෙස මේ නුවර උපන් නිසා කුසාවතී පුර යනුවෙන්ද හැදින්විණි. බෝසතුන් මහා සුද්සසන නමින්ද මෙනුවර උපන්නේය.
අට විසි බුදුවරුන් අතර එන ඵුස්ස බුදුරදුන්ගේ පරිනිර්වාණය සිදුවූයේ මෙනුවර එවක පිහිටි සෙතාරාම හෙවත් සොණිරාම යන විහාර භූමියේදීය. ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේ අමතා තථාගතයන් වහන්සේ, බරණැස, රජගහ, විශාලා වැනි මහා නගරයක පිරිනිවන්පෑ වදාළ මැනැවැයි ආයාචනය කළහ. එවිට අප භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාව සුළු නගරයක් සේ නොසිතන්න. මෙය උතුම් නුවරකි යනුවෙන් පවසා මහා සුදස්සන සූත්‍රය හා කුසිනාරාම සූත්‍රය දේශනා කොට වදාළේ මෙහිදීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ රෑ පශ්චිම යාමයෙහි පිරිනිවන් පානා බව මල්ල රජුහට ආනන්ද තෙරුන් අත දන්වා යැවු සේක. කුසිනාරා පුර සියලු මල්ල රජවරු ඒ පුවත් අසා ශෝක භරිතව භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් නමස්කාර කර සිටියහ.
ඒ සමයෙහි කුසිනාරාපුර විසූ “සුභද්‍ර” නම් පරිබ්‍රාජකයෙක්ද භාග්‍යවතුන් වහන්සේ එදා රෑ පශ්චිම යාමයෙහි පිරිනිවන් පාන බව අසා තමාගේ සැක දුරුකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දැකීමට තමා තුළ අදහසක් ඇති බව ආනන්ද තෙරණුවන්ට දැන්වීය. තෙරණුවෝ එය ප්‍රතික්ෂේප කළහ. මේ දෙදෙනාගේ කථා සංලාපය ඇසූ බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා සුභද්‍ර හට තමන්ගෙන් ප්‍රශ්න අසන්නට ඉඩ ඇති කළ සේක. සුභද්‍ර ප්‍රශ්න විචාරනුයේ “පූර්ණ කාශ්‍යපාදි තීර්ථකයෝ තමන් ප්‍රතිඥා කළ පරිදි දුකින් මිදීමට මාර්ගය දත්තෝද ඔවුන්ගේ ධර්මය නෛර්යාණිකද නැද්දැ”යි විචාළේය.
එවිට භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ කරුණු අහක තිබේවා මම් නුඹට ධර්මය දෙසන්නෙමි. එය අසන්න සිත තබා ගන්නැයි වදාරා මෙසේ දම් දෙසූ සේක. “සුභද්‍රය” යම් සස්නෙක ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් එහි පළමු ශ්‍රමණයා (සෝවාන් පුද්ගලයා) නැත්තේය. දෙවෙනි ශ්‍රමණයා (සකෘදාගාමී පුද්ගලයා) ද නැත්තේය. තෙවෙනි ශ්‍රමණයා (අනාගාමී පුද්ගලයා) ද නැත්තේය. සිවු වන ශ්‍රමණයා (අර්හත් පුද්ගලයා) ද නැත්තේය. යම් සස්නෙක වනාහි අරි අටැඟි මඟ ඇත්තේ නම් එහි ම එකී සතර ශ්‍රමණයෝ ඇත්හ. සුභද්‍රය, මේ සස්නෙහි අරි අටැඟි මඟ ඇත්මය. ඒබැවින් මෙහි එහි සතර ශ්‍රමණයෝම ඇත්හ. සෝවාන් ආදී සතර ඵල පිණිස විදසුන් වඩන සිවු දෙනාද මාර්ගස්ථ සිවු දෙනා ද ඵලස්ථ සිවු දෙනා දැයි මෙකී දොළොස් ශ්‍රමණයන් නැති පාරවාදයෝ (අන්‍ය දෘෂ්ටිහු) හිස්ය. “සුභද්‍රය, මේ දොළොස් ආකාර භික්ෂූහු නිසි සේ වසත් නම් (සෝවාන් ආදීහු අන්‍යයනටද තමන් ලත් මාර්ග ඵලාදිය කියාදී තවත් මාර්ගස්ථ පුද්ගලයන් ඇති කරන්නට තැත් කරත් නම්) ලෝකය රහතුන්ගෙන් හිස්නොවන්නේය.
සුභද්‍රය, එකුන් තිස් වයස් ඇතිව සිටි මම් කිංසත්‍යගවේෂිව යම් දිනෙක පැවිදි වීම්ද, එදා පටන් අද තෙක් අතර කාලය අවුරුදු එකක් පමණක් වේ. මේ කාලයෙහි ආර්ය මාර්ගය ඵල ප්‍රාප්තිය පිණිස විදසුන් වැඩීම පමණකුත් කරන කිසිම පුද්ගලයෙක් මේ (ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති) සස්නෙන් පිටත් හි නොවීය. මතුත් නොවන්නේය. එහෙයින් ම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බාහිර වූ කිසිම ශාසනයෙක්හි ආර්ය මාර්ගයකට පැමිණි ශ්‍රමණයෙක් කිසිම කලෙකත් ඇති නොවේ. මෙය ඇසූ සුභද්‍ර තෙම පැවිද්දත්, උපසම්පදාවත් ඉල්ලූයේය. ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේගේ අවසර පරිදි සුභද්‍ර පැවිදි කළහ.බුදුරජාණන් වහන්සේ ඔහු උපසම්පදා කොට කර්මස්ථාන දුන් සේක. සුභද්‍ර භික්ෂු තෙම උයනේ පැත්තකට ගොස් කර්මස්ථාන වඩන්නේ නොබෝ වේලාවෙකින් සියලු කෙලෙස් නසා සිවු පිළිසිඹියා රහත් බව ලබා භාග්‍යවතුන් වහන්සේ වෙත වැඳ පසෙක ඉඳ ගත්තේය. මේතෙම භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයායි..
භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම වචනය
“මහණෙනි, කරුණාවෙන් අවවාද කරමි” සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. එබැවින් එළඹ සිටි සිහියෙන් සියලු පැවිදි කිස සම්පූර්ණ කරවු” යැයි මේ අන්තිම බුද්ධ වචනය වදාළ සේක.

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 65

පිරිනිවන් පා වදාළ සේක

පුරා වසර හතළිස් පහක් පරාර්ථය සඳහාම කැපවූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජන්මයෙන් අසූවනවිය ලබා තිබුණු අතර වෙසක් සඳ උදාවූයේ මුළු ලොවටම වෙසක් සඳේ අසිරිය කියා පෑමටයි. නමුත් මහා කාරුණිකයන් වහන්සේ තම ජීවිතයේ අවසාන මොහොතට සැපැත්ව ඇත. අනතුරුව බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධ්‍යානයට සමවත් සේක. ඉක්බිති ඉන් නැඟිට ද්විතීය ධ්‍යානයට ද, ඉන් නැගිට තෘතිය ධ්‍යානයටද ඉන් නැගිට චතුත්ථ ධ්‍යානයටද ඉන් නැගිට ආකාශානන්තායතන සමාපත්තියට ද, ඉන් නැඟිට විඥානානන්තායතන සමවතට ද ඉන් නැඟිට ආකිඤ්චනායතන සමාපත්තියටද එයින් නැඟිට නිරෝධ සමාපත්තියටද සමවත් සේක.
යළිත් නිරෝධ සමාපත්තියෙන් නැඟිට නෛවසංඥානාසංඥායතන සමාපත්තියටද සමවත් සේක. යළිත් නිරෝධ සමාපත්තියෙන් නැඟිට නෛවසංඥා නා සංඥායතන ආකිඤ්චන්‍යායතන විඥානානන්තායතන ආකාශානන්තායතන චතුර්ථ ධ්‍යාන, තෘතීය ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, ප්‍රථම ධ්‍යානය යන මේවාටද පිළිවෙළින් ද්විතීය තෘතිය චතුත්ථ ධ්‍යානයට ද සමවැදි චතුර්ථ ධ්‍යානයෙන් නැඟී සිටි සේක. එදා අලුයම්හි අරුණෝද්ගමනයට පෙරටුව චතුර්ථ ධ්‍යානයෙන් නැඟී සිට අනතුරුව ඒ මහා කාරුණික වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ අංගීරස ශාන්තිනායකයන් වහන්සේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවයට තමන් වහන්සේ ද ආදර්ශ කෙරෙමින් නිරුපාදිශේෂ පරිනිර්වාණ ධාතුයෙන් පිරිනිවන් පා වදාළ සේක.
වෙසක් සඳ කෙමෙන් කෙමෙන් අවරට යමින් පැවැතිණි. උපවත්තන සල් උයන පුරාම වූයේ ශෝකය හා සංවේගය මුසු වූ පරිසරයකි. පෙදෙසම වර්ණවත් හා සුගන්ධවත් කළ සල්මල් එක දෙක බිම පතින වූයේ අනිත්‍යතාව පිළිබඳ පාඩම් පොතේ පත් ඉරු එකින් එන දිග හරින්නාක්මෙනි. බුදුරජාණන් වහන්සේ අවසාන වරට ධ්‍යානවලට සමවදිමින් සැතපී සිටියහ. නොරහත් භික්ෂූන් වහන්සේ ඒ දෙස බලා සිටියේ දුක් සුසුම් ගුවනට මුසු කරමිනි. සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය මෙනෙහි කරමින් ධර්ම සංවේගය උපදවාගත් රහතන් වහන්සේ නිසලව බලා වැඩ සිටියහ.
පන්සාලිස් වසරක් තුන් ලොවම එළිය කරමින් උදාවූ සම්බුදු වෙසක් සඳ තවත් වසරදහස් ගණනක් පුරා පැතිරයන ආලෝකයක් ඉතිරි කරමින් බැසයන මෙහොත උදා විය. මෛත්‍රී ජලයෙන් තුන් ලොවම සිසිල් කළ දහම් අමා වැස්සෙන් කෙලෙස් ගිනි නිවාලු මහා කාරුණික වූ අසරණ සරණ වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ, ඒ වෙසක් පුර පසළොස්වක් පොහෝදා අලුයම් කාලයේ දී පරිනිර්වාණයට පත් වූ අතර මහ පොළොව කම්පා වූයේ තථාගත පරිනිර්වාණය මුළු ලොවටම දැනුම්දීමට මෙනි.
බුද්ධ පරිනිර්වාණය ක්ෂණයෙහි ම සහම්පතී මහ බඹුන් විසින් ලොවැ මෙවැනි අප්‍රතිපුද්ගල වූ මේ ජගදාචාර්යයන් වහන්සේ යම් සේ පිරිනිවන් පෑ සේක් ද, ඒ සේම ලෝක ධාතුවේ සියලුම සත්වයෝ ජීවිතේන්ද්‍රිය විනාශයෙන් සිය සිරුරු මෙහි බහාලන්නේ යැයි ද,
සබ්බෙ ව නික්ඛිපිස්සන්ති 
භූතා ලොකෙ සමුස්සයං 
යථා එතාදිසො සත්ථා 
ලොකෙ අප්පටිපුග්ගලො

ඉන් පසු ශක්‍ර දේවේන්ද්‍ර තෙම
අනිච්චා වත සංඛාරා 
උප්පාද වය ධම්මිනො 
උප්පජ්ජිත්වා නිරුඣන්ති 
තෙසං වු පසමො සුඛො

අහෝ සංස්කාරයෝ අනිත්‍යයහ. හැදෙන නැසෙන සුළුහ. ඔහු ඉපිද නිරුද්ධ වෙත්. එබැවින් ඔවුගේ සංසිඳීම සැප වේ යැයි සටහන් කරන ලදී.
අනුරුද්ධ තෙරුණුවෝ
ආයුෂ්මත්නි, ස්ථිර සිත් ඇති අට ලෝ දහමින් කම්පිත නොවන ස්වභාවය ඇති, නිවන් සෙත් පුර අරමුණු කොට කළුරිය කළ මාගේ ශාස්තෘ වූ බුද්ධ මුනිවරයාණන් වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වූහ. නො හැකුළුණ (පිබිදි) සිතින් ඒ ස්වාමි දරුවන් වහන්සේ වේදනා ඉවසූ සේක. ප්‍රදීපයෙක නිවීමක් සේ ඒ ස්වාමි දරුවන් වහන්සේගේ චිත්ත විමෝක්ෂය වී යැයි ද
ආනන්ද තෙරුණුවෝ
සකල උත්තම ගුණයෙන් සමන්විත සම්බුද්ධයන් වහන්සේගේ පිරිනිවන්පෑම හා එක් විට ම බිහිසුණු ලොමු දහ ගන්වන සුළු භූමිචලනයෙක් වීය. අහෝ ආශ්චර්යයෙකියි වදාළහ.
භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑම තුළින් අවීතරාග භික්ෂුහු හැඩීමට වැළැපීමට පටන් ගත්හ. වීතරාග භික්ෂුහු අනිත්‍යතාව සලකමින් ඉවැසූහ. අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හඬන භික්ෂු හට සංස්කාරයන්ගේ අනිත්‍යතාව ප්‍රකාශ කොට හැඬීමෙන් ශෝක කිරීමෙන් කම් නැතැයි අවවාද කළ සේක. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ ඉක්බිති ඉතිරි කාලය අනුරුද්ධ තෙරණුවෝ ද ආනන්ද තෙරණුවෝ ද ධර්ම කථායෙන් ගත කළහ.
පිරිනිවන් මංචකය නිර්මාණය කළෝ කවරහුද?
කුසිනාරා සල් උයනට පිවිස ටික දුරක් ගිය විට වන්දනාකරුවන්ට මුලින්ම දැකගන්නට ලැබෙන්නේ පිරිනිවන් මංචක විහාරයයි. මුලින්ම විහාර මන්දිරයට පිවිසෙනවිට දර්ශනය වන්නේ මේ දැන් මොහොතකට පෙර පිරිනිවන් පා වදාළ බව හැඟෙන අප තථාගතයන් වහන්සේගේ බුදු සිරුරයි. මොහොතකට පෙර පිරිනිවන් පෑ යන යෙදුම භාවිත කළේ වසර දෙදහස් පන්සිය ගණනකට පෙර මහා පරිනිර්වාණය සිදු වුවද ඒ මේ මොහොතේ සිදු වූවක් ලෙස අප සිතට දැනෙන්නටවන් බැවිනි. බුදු සිරුරේ රස්නය, උණුසුම තවමත් ඉවත්ව නැත. අප මෙයට පෙර පිරිනිවන් මංචකයේ වැඩ සිටින තථාගතයන් වහන්සේගේ ප්‍රතිමා කොතෙක් දැක තිබුණ ද ඒ සියල්ලටම වඩා මේ පිරිනිවන් බුදුරුව අප තුළ අති මහත් ශෝක සංවේගයක් ඇති කරවන බව පැහැදිලි වනු ඇත. තථාගතයන් වහන්සේ සල් ගස් දෙකක් අතර ඇති රූ මේ පිරිනිවන් මංචක වෙත දීර්ඝ පා ගමනකින් වැඩම කළහ.
උන්වහන්සේ වැඩම කළේ විඩාපත් ලෙසිනි. රෝගී බව බුදු සිරුරේ සිරි පද අසල සිට බලන විට මනාව දර්ශනය වේ. බුදු සිරුර මැද සිට නරඹන විට දර්ශනය වන්නේ විඩාවත්, තෙහෙට්ටුවත් ඉක්මවා ගිය ශාන්ත කරුණා, මෛත්‍රී ගුණයෙන් තවමත් උණුසුම් ව ඇති තථාගතයන් වහන්සේගේ පින්වත් සම්බුදු මුහුණයි. එහි ඇති ශාන්ත ස්වභාවය කොතරම් දැයි මොහොතක් සිතන්න. ශීර්ෂය අසල සිට බලන විට දර්ශනය වන්නේ දැන් මොහොතකට පෙර වායු තලයට ප්‍රාණය නිරුද්ධ කළ මහා කාරුණිකයාණන් වහන්සේගේ මුහුණේ නේත්‍ර යුග්මය ඔබ දෑස ඉදිරියේ ම සෙමෙන් සෙමෙන් අඩවන් වී යන්නාක් මෙනි. මේ බුදුරුව ගුප්ත රාජ යුගය තුළ හරිබල නම් භික්ෂූන් වහන්සේගේ නිර්මාණයකි. පරිනිර්වාණ චෛත්‍යයේ ධාතු ගර්භයේ තිබී හමුවූ තඹ සන්නසකින් මෙය හරිබල නම් හිමියන්ගේ නිර්මාණයක් බව තහවුරුවේ. දොළොස් රියන් ප්‍රතිමාවහන්සේ නීල පාසාන වර්ගයේ කළු ගලකින් නිර්මාණය කර ඇති මෙහි නියම දිග මීටර් දහයයි දශමයකි. ඔබ දෑස ඉදිරියේ ම බුදු හිමි පිරිනිවන් පාන්නාක් වැනිය. මේ දර්ශනය දකින සැදැහැතියන්ගේ නෙත් කඳුළින් තෙත් වේ. කොතරම් වාර ගණනක් කුසිනාරාවට පැමිණියද මෙහිදී ඇද හැලෙන කඳුළු සඟවාගන්නට බැරිය. එයට හේතුව අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ පිරිනිවන් පෑ බව හැඟී යන හෙයිනි.
ඔබට මෙහිදි තවත් රූප කිහිපයක් දැකිය හැකිය. පිරිනිවන් මංචකයේ වැඩ සිටින ප්‍රතිමාව ආසන්නයේ වම් පැත්තෙ ඇති කණුව දෙස බලන්න. එහි දැක්වෙන්නේ ආනන්ද හිමියන් දුක දරාගත නොහැකිව හඬා වැළපෙන අන්දමයි.මැද කණුවේ බුදුහිමියන්ගේ අන්තිම ශ්‍රාවකයා වූ සුභද්‍ර පරිබ්‍රාජකයා ශෝක වන අයුරු හා දකුණු කෙළවරේ මල්ල රජ දරුවන්ගේ දම්බ මල්ලිකා බිසව හඬා වැටෙන අයුරු දක්වෙයි.